ලංකා වතු සේවා සංගමය

Header
collapse
...
Home / සිදුවීම් / යුරෝ සම්මාන ප්‍රදානය

යුරෝ සම්මාන ප්‍රදානය

අගෝ 18, 2025  Admin  525 views

 

වතු ඒකක සවිබල ගැන්වීමේ  මෙහෙයුම (EURO) ප්‍රශස්ථ කාර්‍යසාධන ප්‍රතිඵල අනුව ලංකා වතු සේවා සංගමයේ පූර්ණ කාලීන කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයුමට ලක්විණි. සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ, භාණ්ඩාගාරික එම්. සුදාගරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සංගමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති පූර්ණ කාලීන කාර්ය මාණ්ඩලිකයන් ඇගයීමේ උළෙලේදී මෙම ඇගයීම සිදුවිණි. එහිදී රත්නපුර, හැටන්, නුවරඑළිය ශාඛා කාර්ය මණ්ඩලය  රන් සම්මානයෙන්ද රුහුණ, පුස්සැල්ලාව ශාඛා කාර්ය මණ්ඩලය රිදී සම්මානයෙන්ද, මහනුවර ශාඛා කාර්ය මණ්ඩලය ලෝකඩ සම්මානයෙන්ද  පිදුම් ලැබූහ.


Share:

Your experience on this site will be improved by allowing cookies Cookie Policy