ලංකා වතු සේවා සංගමය

Header
collapse
...
Home / සිදුවීම් / ලංකා වතු සේවා සංගමයේ 105 වන සංවත්සර සැමරුම

ලංකා වතු සේවා සංගමයේ 105 වන සංවත්සර සැමරුම

අගෝ 18, 2025  Admin  745 views

ලංකා වතු සේවා සංගමයේ 105 වන සංවත්සර සැමරුම සැප්තැම්බර් 07 දින හැටන් නගරයේ පිහිටි අජන්තා හෝටලයේදි පැවැත්ව්ණි.

“සියවසක පන්නරය නව ලොවක බිහිදොරට.“ යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන වතු සේවා සංගම් සංවත්සර සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහභාගී විමට නියමිතය.

මෙම සංවත්සර සැමරුම ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ ඇතුළු සංගමයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා වතුවල සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා වැවිලිකර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති නායකයින් ඇතුළු වෘත්තිය සමිති නායකයින් රැසක් ආරාධනා ලැබ ඇත.

ලංකා වතු සේවා සංගමය වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවයේ නිරත කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වෘත්තිය සංගමය වන අතර 1920 වසරේ දි ආරම්භ කරන ලද ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සංගමයකි.


Share:

Your experience on this site will be improved by allowing cookies Cookie Policy