ලංකා වතු සේවා සංගමය

Header
collapse
...
Home / පුවත් / විදුලි පණිවිඩ විරෝධතා ව්‍යාපාරය

විදුලි පණිවිඩ විරෝධතා ව්‍යාපාරය

අගෝ 15, 2025  Admin  930 views

 

වතු කාර්ය මණ්ඩලය සඳහා සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා නොදී මෙවර සාමූහික ගිව්සුම ප්‍රමාද කිරීමට වතු සමාගම් ගන්නා උත්සාහය පරාජය කිරීමට විදුලි පණිවිඩ විරෝධතා ව්‍යාපාරයක් (Telegram Protest Campaign) ක්‍රියාත්මක කිරීමට ලංකා වතු සේවා සංගමය තීරණය කර ඇත.

මෙම විරෝධතා ව්‍යාපාරය 2025 ඔක්තෝබර් 7 දින සිට 10 දින දක්වා ක්‍රියාත්මකය එම සංගමය පවසයි.

ඒ ඒ සේවකයන්ට අදාළ වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී CEO / ප්‍රධාන මෙහෙයුම් නිලධාරි COO වෙත මෙම ටෙලිග්‍රෑම් / ටෙලිමේල් යොමුකරන අතර සියලු සාමාජිකයින් මේ සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව ලංකා වතු සේවා සංගමයේ (CESU) විධායක කමිටුව පවසයි.

මේ සම්බන්ධයෙන් ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහගෙන් විමසීමක් කළා.
වර්තමාන ජීවන වියදමට ගැලපෙන පරිදි වැටුප් වැඩිවීමක් ලබා දීමේ ඉල්ලීම මගහරිමින් ලංකා සේව්‍ය සම්මේලනය ලංකා වතු සේවා සංගමය සමග අත්සන් තැබීමට නියමිත සාමූහික ගිවිසුම අත්සන් තැබීම දිගින් දිගටම ප්‍රමාද කරන බව පෙන්වා දෙන ලංකා වතු සේවා සංගමය සිය සාධාරණ ඉල්ලීම දිනා ගැනීම සදහා සටන් මගට එළඹෙන බව අවධාරණය කරයි.

ඒ අනුව හාම්පුතුන් විසින් ගිවිසුම අත්සන් තැබීම ප්‍රමාද කිරීමට විරෝධය පළකරමින් ලංකා වතු සේවා සංගමය වතු සමාගම් ප්‍රධානීන්ට විදූලි පණිවිඩ යොමු කිරීමේ ක්‍රියාමාර්ගක් දියත් කළ බව ප්‍රධාන ලේකම් වරයා පැවසුවා.

මේ වන විට දිවයින පුරා පිහිටි වතුවල සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් සිය හාම්පුතුන් වෙත විදුලි පණිවිඩ යොමු කරමින් සාමූහික ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ කියා සිටියේ වතු සමාගම් 22ක් නියෝජනය කරන ලංකා සේව්‍ය සම්මේලනය වර්ථමාන ජීවන වියදම් සැළකිල්ලට ගෙන වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සාධාරණ වැටුප් වැඩි වීමක් ලබා දීමට සූදානම් බවක් පෙනෙන්නට නොමැති බවත්, සාමුහික ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද කිරීම සිය සාමාජිකයින් නොසන්සුන් කිරීමට හේතුවී ඇති බවත්ය.

වගකිවයු වෘත්තීය සංගමයක් ලෙස මේ තත්වය තවදුරටත් ඉවසිය නොහැකි බැවින් තමන් විසින් දියත් කර තිබෙන සාමකාමී ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ ප්‍රතිචාරය අනුව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සංගමයේ විධායක මණ්ඩලය සූදානමින් සිටින බවද ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.


Share:

Your experience on this site will be improved by allowing cookies Cookie Policy